Latest News

තායිලන්තය සහ කාම්බෝජයට සටන් විරාමයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තය සහ කාම්බෝජය අතර සති කිහිපයක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා තිබේ.

සති තුනකට ආසන්න කාලයක් පැවති මෙම දරුණු ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දෙරටේම සිවිල් වැසියන් ලක්ෂ පහකට අධික පිරිසකට සිය නිවාස අත්හැර පලා යාමට සිදුවිය.

තායිලන්ත ආරක්ෂක අමාත්‍ය නත්පොන් නාර්ක්පානිට් සහ කාම්බෝජ ආරක්ෂක අමාත්‍ය ටී සෙයිහා යන අය විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක දැක්වෙන්නේ, අද (27) එරට වේලාවෙන් මධ්‍යහ්න 12:00 සිට මෙම සටන් විරාමය බලාත්මක වන බවයි.

මෙම සටන් විරාමය මෑත වසර කිහිපය තුළ අසල්වැසි ගිනිකොණදිග ආසියානු රටවල් දෙක අතර ඇති වූ දරුණුතම ගැටුම් මාලාවකට තිත තබනු ඇතැයි විශ්වාස කෙරෙයි.

දෙසැම්බර් මස මුලදී ආරම්භ වූ මෙම ගැටුම්වලදී රොකට් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර පවා එල්ල වූ අතර ඉන් දේපළ රැසකට හානි සිදුවිය.

World News

Send your contact Details Today