ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ දින දෙකක් වැනි කෙටි කාලයක් තුළය.
ඒ අනුව අගනුවර වායු ගුණාත්මක දර්ශකය 332 එනම් ඉතා දුර්වල මට්ටමට පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම ඉදිරි දින හය තුළද නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල මට්ටමක පවතිනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.