මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් රාජ්‍ය අරමුදල් වංචාවකට වරදකරු බව එරට අධිකරණය තීරණය කර තිබේ.
රාජ්‍ය බලය, අනිසි ලෙස භාවිතා කිරීම හා මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ද ඔහු වරදකරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් වන් එන්.ඩී.බී හරහා ඇමෙරිකා ඩොලර් මිලියන 569 ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇති බවටයි චෝදනා එල්ල වූයේ.
වන් එන්ඩීබී යටතේ මේ වන විටත් ඔහු සිර දඩුවම් විදින අතර ඒ යටතේ සිදු කෙරුනු දෙවන නඩු විභාගයයි.
මෙවර නඩු විභාගයේදී බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනා 04 කට හා මුදල් විශුද්ධී කිරීමේ චෝදනා 21 කට ඔහු වරදකරු බවට තීරණය කර තිබේ.
වසර 07 ක පමණ කාලයක්පුරා මෙම නඩු විභාගය පැවති අතර සාක්ෂිකරුවන් 76 දෙනෙකුගෙන් මෙම නඩුවට සාක්ෂි ලබා ගෙන තිබේ.