බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ හර්නියා සැත්කමකට ලක්කර ඇති බවට වාර්තා පළවෙයි.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ මේ වන විට වසර 27කට සිරගත කර සිටින අතර, ඔහුව හර්නියා සැත්කමකට භාජනය කර තිබේ.
සැත්කම සාර්ථක බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.
සැත්කම හේතුවෙන් ඔහුව බන්ධනාගාරයේ සිට එරට ෆෙඩරල් පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි
සැත්කමට පෙර නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ 2026 ජනාධිපතිවරණය සදහා තම පුත්‍රයා ඉදිරිපත් වන බවයි.
ෆ්ලේවියෝ බොල්සනාරෝ 44 වන වියේ පසුවන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තහවුරු කර තිබේ.