Latest News

අමෙරිකාවේ ප්‍රාන්තයකට කාලගුණය නපුරු වෙයි – ජීවිත තුනක් දැනට බිළිගනියි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තුන් දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දින කිහිපය පුරා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මිලිමීටර් 270 ඉක්මවූ වර්ෂාපතනයක් එම ප්‍රදේශයන්ට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමඟම ගංවතුර හා නාය යාම් තත්ත්වයන්ද හට ගෙන ඇති බව සඳහන්.

මෙම සතිය පුරා අයහපත් කාලගුණයෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළකරයි.

ගංවතුර මට්ටම ඉහළ යාමත් සමග ප්‍රදේශ රැසක වාහන තුළ සිරව සිටි පිරිස් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කළේය.

පසුගිය බදාදා දිනයේදී කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණු අතර ලක්ෂයක පමණ පිරිසකට විදුලිබලය අහිමිව ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today