Latest News

ඔබගේ Gmail ලිපිනයේ නම වෙනස් කිරීමට අවස්ථාවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර ගණනාවක් තිස්සේ වෙනස් කළ නොහැකිව තිබූ @gmail.com වලින් අවසන් වන ඊමේල් ලිපිනයේ මුල් කොටස දැන් පරිශීලකයන්ට වෙනස් කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මීට පෙර Google ලබා දුන්නේ තෙවන පාර්ශවීය ඊමේල් ලිපිනයන් (third-party email addresses) භාවිතා කර සාදන ලද ගිණුම්වල ලිපිනයන් වෙනස් කිරීමේ හැකියාව පමණයි.

ඔබ දැනට පවතින Gmail ලිපිනයේ මුල් කොටස වෙනස් කර අලුත් කළ පසු, ඔබගේ පැරණි Gmail ලිපිනය අන්වර්ථ නාමයක් (alias) ලෙස ක්‍රියා කරයි.

එම නිසා පැරණි ලිපිනයට ලැබෙන ඊමේල් පණිවිඩ දිගටම ලැබෙන අතර, ඔබගේ ගිණුමේ ඇති ඡායාරූප, පණිවිඩ සහ අනෙකුත් දත්තවලට මෙයින් කිසිඳු බලපෑමක් සිදු නොවේ.

පරිශීලකයෙකුට මෙලෙස තම ඊමේල් ලිපිනය වෙනස් කළ හැක්කේ සමස්තයක් ලෙස 3 වතාවක් පමණයි.

එසේම, වරක් ලිපිනය වෙනස් කළ පසු, නව ඊමේල් ලිපිනයක් සෑදීමට වසරක කාලයක් බලා සිටීමට සිදුවෙයි.

මෙම පහසුකම පිළිබඳ තොරතුරු මුලින්ම Google හි උපකාරක පිටුවක (support page) පළ වී තිබුණි

අදාළ පහසුකම ක්‍රමයෙන් නිකුත් කරමින් පවතින බැවින් මෙම අවස්ථාව ඔබගේ ගිණුමට ලැබීමට තව සුළු කාලයක් ගත විය හැකියි.

World News

Send your contact Details Today