Latest News

නයිජීරියාවේ IS ත්‍රස්තයන් පිරිසක්, ට්‍රම්ප් විසින් මට්ටු කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජිරියාවේ IS ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

මෙහිදී වයඹ දිග නයිජිරියාවේ IS ත්‍රස්ත ඉලක්ක වෙත බලවත් හා මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අහිංසක ක්‍රිස්තියානුවන් මූලිකව ඉලක්ක කරගනිමින් සිතාමතා එල්ල කරන කුරිරු ප්‍රහාර හේතුවෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

IS ත්‍රස්ත ඉලක්ක කිහිපයක්ම සාර්ථකව විනාශ කළ බව ඔහු සඳහන් කර තිබේ.

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට හිස එසවීමට තමාගේ නායකත්වය යටතේ අමෙරිකාව විසින් කිසිලෙසතක් ඉඩ නොදන බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි සදහන් වේ.

එමෙන්ම පසුගියදා එල්ල කළ ප්‍රහාර නයිජීරියානු හමුදාව සමග ඒකාබද්ධව සිදුකළ බව නයිජීරියානු විදේශ අමාත්‍යවරයා පවසයි.

World News

Send your contact Details Today