Latest News

බංග්ලාදේශයෙන් පිටුවහල් කල විශේෂ පුද්ගලයෙකු, වසර 17කට පසුව සිදු කල දේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ විපක්ෂ නායක තාරික් රහ්මාන් පිටුවහල් කර වසර 17කට පසු යළි සිය රටට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොහු මීළග මැතිවරණයෙන් එරට අගමැති ධුරයට පත්වනු ඇති බවටයි මත පළ කෙරෙන්නේ.

ඔහු එරට දිගු කලක් පාලනය කළ හිටපු අගමැතිනි කලිඩා සියාගේ පුත්‍රයායි.

2008 දී බංග්ලාදේශයෙන් පලා ගොස් ලන්ඩනයේ ජීවත් වු රහ්මාන් 60 හැවිරිදි වියේ පසුවෙයි.

ඔහු පෙබරවාරි මාසයේ පැවැත්වෙන එරට මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇති.

ඔහු ඩකා ගුවන් තොටුපලෙන් රටට පැමිණෙන ස්ථානයේ සිට ලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන් පක්ෂ කොඩි ලෙලවමින් බැනර් පුවරු හා මල් රැගෙන පිළිගැනිමේ සටන් පාඨ කියමින් මඟ දෙපස රැස්ව සිටියහ.

ඔහු මෙලෙස පැමිණෙන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසිනා බලයෙන් පහ කිරිමෙන් අනතුරුවයි.

ඇය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම ඇතුලු චෝදනා යටතේ රහ්මාන් වරදකරු කෙරුණු අතර නව පාලනය යටතේ එම බාධා ඉවත් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස සිය රටට පැමිණියේ.

World News

Send your contact Details Today