බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය හෙවත් කැතරින් කුමරිය සහ චාලට් කුමරිය නත්තල් කැරොල් අවස්ථාවක් සඳහා එක්ව පියානෝ වාදනයක් ඉදිරිපත් කර ඇත.
මෙම මස මුලදී වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති “;ටුගෙදර් ඇට් ක්‍රිස්මස්” උත්සවයේදී මව සහ දියණිය පෙනී සිටියේ නැත.
කෙසේ නමුත් ස්කොට්ලන්ත නිර්මාපකයෙකු වන එර්ලන්ඩ් කූපර් විසින් රචිත සංගීත කොටසක නත්තල වෙනුවෙන් වින්ඩ්සර් කාසල් හිදී පටිගත කරන විශේෂ රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් මෙලෙස කැතරින් කුමරිය සහ චාලට් කුමරිය පියානෝ වාදනය ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී වේල්ස් කුමරිය ඇගේ වම් අත පමණක් භාවිතා කරන අතර චාලට් කුමරිය ඇගේ දකුණු අතෙන් පියානෝ වාදනය කර තිබුණි.