Latest News

ට්‍රම්ප්ගේ තවත් නියෝගයක් අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චිකාගෝ ප්‍රදේශයට හමුදා යෙදවීමේ ට්‍රම්ප්ගේ නියෝගය අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ට්‍රම්ප් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බහුලව වෙසෙන අධිකරණ බල ප්‍රදේශ ගණනාවකට මෙලෙස හමුදා යෙදවීමට සුදානම් වේ.

ට්‍රම්ප් තම විරුද්ධවාදීන් මර්දනය කිරීමට දරණ උත්සාහයක් ලෙසයි බොහෝ දෙනා මෙය හඳුන්වාදී ඇත්තේ.

මේ හේතුවෙන් ජනපති ට්‍රම්ප් චිකාගෝ ප්‍රදේශයට ජාතික ආරක්ෂක භටයින් යැවීමට අවසර දීම එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉලිනොයිස් ප්‍රාන්ත නිලධාරීන් සහ ප්‍රාදේශීය නායකයින් කළ නඩු පැවරිමකදී මෙම තීන්දුව ලබා දුන්නේය.

ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂක භටයින් ෆෙඩරල් පාලනයට යෙදවීමට බලය ඇත්තේ සුවිශේෂී අවස්ථාවන්හි දී පමණක් බවයි නියෝගයේ සඳහන් වන්නේ.

World News

Send your contact Details Today