Latest News

ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය.

ශ්‍රී ලංකාවේ මෙන්ම යුරෝපයේ කිතුණු බැතිමතුන් ද අති උත්කර්ෂවත් අයුරින් නත්තල සැමරීම සිදු කරන අතර ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල් සැමරීම සිදුකෙරුණි.

බෙත්ලෙහෙමේ ගව ලෙනක මෙවන් අසිරිමත් දිනයක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම ලොවපුර සිටින බැතිමතුන් විසින් අද දිනයේදී සිදු කරනු ලබයි.

කෙසේ වෙතත් බෙත්ලෙහෙමේ 2023 සහ 2024 යන වර්ෂයන්ගේ නත්තල් සැමරුම සිදු නොවූ අතර එයට හේතුව වූයේ ගාසා හි පැවති යුධමය තත්ත්වයයි.

කෙසේ නමුත් මෙවර බෙත්ලෙහෙමේ ද උත්කර්ෂවත් අයුරින් නත්තල සැමරීම සිදු කළේය.

World News

Send your contact Details Today