ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ‘ලැයිස්තු ඒ’ (List A) තරගයකදී ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දියාවේ 14 හැවිරිදි වෛභව් සූර්යවංශි අද (24) අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
විජේ හසාරේ කුසලාන තරගාවලියේදී අරුණාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව බිහාර් කණ්ඩායම නියෝජනය කළ සූර්යවංශි, මෙම සුවිශේෂී ශතකය වාර්තා කළේ පන්දු 36කින්.
පන්දු 59කින් ලකුණු 150 සීමාව පසුකරමින් ‘ලැයිස්තු ඒ’ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 150 වාර්තාව ද ඔහු සතු කර ගැනීමට ඔහු සමත් විය.
ඔහු පන්දු 84කදී ලකුණු 190ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 16ක් සහ දැවැන්ත හයේ පහර 15ක් ඇතුළත්.
වෛභව් සූර්යවංශි හට 2025 වසර අතිශය සාර්ථක වසරක් වූ අතර, මෑතකදී ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ද ඔහු වාර්තාවක් පිහිටුවා තිබේ.
මෙවර යොවුන් ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයට ද ඔහු ඇතුළත්.