විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙසපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විදේශවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මගින් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා ඔවුන් එරට භාවිත කරන රියැදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බවයි.
පසුගිය අගොස්තු 03 වැනිදා සිට එම කටයුතු ආරම්භ කෙරුණි.