Latest News

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ දේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර තිබේ.

ඒ අනුව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4,521 සීමාවට ආසන්න වී තිබුණි.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම අසාමාන්‍ය මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බවයි.

ඒ අනුව, වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වයි.

තවද, අමෙරිකානු ෆෙඩරල් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් පහත හෙළනු ඇතැයි යන අපේක්ෂාවයි.

ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට පෙළඹීම මෙම ඉල්ලුම ඉහළ යාමට හේතු වී තිබේ.

රන් මිලට සාපේක්ෂව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

World News

Send your contact Details Today