Latest News

චීනයේ උත්සහයක් වරදියි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ නැවත භාවිතා කළ හැකි රොකට්ටුවක් නිර්මාණය කිරීමේ පළමු අදියර අසාර්ථක වී තිබේ.

රොකට්ටුව වයඹදිග චීනයේ වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් අඟහරුවාදා පෙ.ව. 10 ට ගුවන් ගත කෙරුණි.

රොකට්ටුවේ දෙවන අදියර සාර්ථකව එහි සැලසුම් කළ කක්ෂයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

නමුත් රොකට් බූස්ටරය ගොඩබෑමට සහ නැවත ලබා ගැනීමට චීනය ගත් දෙවැනි උත්සාහයද අසාර්ථක වී තිබේ.

එහි හේතුව ඇතුළුව අසාර්ථකවත්ය පිළිබඳ විස්තර අනාවරණය නොකළ නමුත් චීන අභ්‍යාවකාශ ආයතනය පැවසුවේ සම්පූර්ණ පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකර හේතුව අනාවරණ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

World News

Send your contact Details Today