ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව තිබේ.
ඒ, අනුව අද (23) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ ඩොලර් 4,485ක් ලෙසයි.
රත්‍රං අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,400 ඉක්මවා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිලෙහි ද ඉහළ යමක් පෙන්නුම් කර තිබේ.
ඒ, අනුව ශ්‍රී ලංකාවේ රත්‍රං වෙළෙඳපොළේ කැරට් 22ක රන් පවුමක මිල අද (23) දිනයේ රුපියල් 325,600ක් ලෙස සටහන් විය.
කැරට් 22ක රන් පවුමක මිල ඊයේ දිනයේ දැක්වුණේ රුපියල් 318,000ක් ලෙසයි.
මේ අතර ඊයේ (22) දිනයේ දී රුපියල් 344,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල, අද (23) දිනයේ රුපියල් 352,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.