Latest News

රුසියාවෙන් යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට ප්‍රහාර තීව්‍ර කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබේ.

ඒ සමග ඔඩෙසා කලාපයේ විදුලිය කප්පාදුවක් සිදුව ඇති අතර සමුද්‍රීය යටිතල පහසුකම්වලටද තර්ජනයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

යුක්‍රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඔලෙක්සි කුලේබා ප්‍රකාශ කර ඇත්තේ ඔඩෙසා කලාපයට ක්‍රමානුකූලව ප්‍රහාර දැඩි කිරීමට රුසියාව ක්‍රියා කරමින් සිටින බවයි.

එය යුක්‍රේනයේ සමුද්‍රීය සැපයුම් සඳහා ප්‍රවේශය අවහිර කිරීමට ගත් උත්සහයක් ලෙසටද යුක්‍රේනය චෝදනා කරයි.

ඔඩෙසාහි වරායකටද රුසියානු ප්‍රහාරයක් එල්ල් වී ඇති අතර එහි නතර කර තිබූ සිවිල් යාත්‍රාවකටද හානි සිදුව ඇති බවයි රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඉකුත් සතියේ ඔඩෙසා ප්‍රදේශයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today