Latest News

අමෙරිකානු සැලැස්මක් මත ගාසාවට වෙන්න යන දේ ගැන අනාවරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධ­යෙන් විනාශ වූ ගාසා තීරය සුඛෝ­ප­භෝගී නිවාඩු නිකේ­තන සහිත ‘ස්මාර්ට් නග­ර­යක්’ බවට පත් කිරීම සඳහා අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජරේඩ් කුෂ්නර් සහ මැද­පෙ­ර­දිග විශේෂ නියෝ­ජිත ස්ටිව් විට්කොෆ් ඩොලර් බිලි­යන 112ක ව්‍යාපෘ­ති­යක් සැල­සුම් කර ඇතැයි අමෙ­රි­කාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය වාර්තා කළේය.

අධි­තා­ක්ෂ­ණ­යෙන් යුතු නග­ර­යක් ලෙස ගාසා තීරය සංව­ර්ධන කිරී­මේදී අමෙ­රි­කාව වැඩි කාර්ය­භා­ර­යක් සිදු කිරී­මට නිය­මිත බවත්, එම ආයෝ­ජ­න­යෙන් 20%ක මුද­ලක් අමෙ­රි­කාව විසින් වැය කරනු ඇති බවත් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

‘සන්ර­යිස් ව්‍යාපෘ­තිය’ ලෙස නම් කර ඇති ගාසා ස්මාර්ට් නගර සැල­සුම වසර 10ක ව්‍යාපෘ­ති­යක් වන අතර, ඒ සඳහා ආයෝ­ජ­ක­යන් ආක­ර්ෂ­ණය කර­ගැ­නීම සඳහා රට­වල් 32කට යොමු කර ඇතැයි ද වාර්තා වේ. සුඛෝ­ප­භෝගී හෝටල්, අධි­වේගී දුම්රිය සහ කෘත්‍රිම බුද්ධිය ඇසු­රින් නිර්මා­ණය කළ නව තාක්ෂ­ණික සන්නි­වේ­දන පද්ධති ඇතු­ළත් මේ ව්‍යාපෘ­තිය මඟින් ගාසා තීරය මධ්‍ය­ධ­රණි වෙරළ තීරයේ වඩාත්ම කාර්ය­බ­හුල අග­න­ග­ර­යක් බවට පත් වනු ඇතැයි ද අමෙරිකාවේ විශ්වා­සය වී තිබේ.

ඉදි­රි­යේදී ගාසා තීරයේ සිදු විය යුතු­වන්නේ ප්‍රති­සං­ස්ක­ර­ණය පම­ණක් නොවන බවත්, එය අති නවීන යටි­තල පහ­සු­කම්, නාග­රික සැල­සුම් සහ තාක්ෂ­ණය සමඟ මැද­පෙ­ර­දිග සමෘ­ද්ධියේ දොර­ටු­වක් ලෙස සංව­ර්ධ­නය කිරී­මට මේ ව්‍යාපෘ­තිය ඉව­හල් වනු ඇති බවත් එම ආයෝ­ජන ව්‍යාපෘ­තියේ ප්‍රචා­රක පටයේ සටහන් වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය සඳ­හන් කළේය.

කුෂ්නර් සහ විට්කොෆ් එක්ව දින 45ක් පුරා සැල­සුම් කරනු ලැබූ එම ව්‍යාපෘ­තිය සඳහා ඊශ්‍රා­යල ආර­ක්ෂක විශේ­ෂ­ඥ­ව­රු­න්ගෙන් උප­දෙස් ලබා ඇති අතර, ව්‍යාපෘ­තිය සඳහා අර­මු­දල් ගොඩ නැඟී­මේදී පද­නම් කර­ගන්නා රට­වල් හෝ සමා­ගම් කව­රේ­දැයි මෙතෙක් අනා­ව­ර­ණය වී නැතැයි ද වාර්තා වේ.

මේ දැවැන්ත සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යේදී ගාසා තීරයේ අව­තැන් වූ මිලි­යන 2ක පල­ස්තී­නු­වන්ට නිවාස ලබා දීම සඳහා අවශ්‍ය තොර­තුරු එහි සඳ­හන් නොවන අතර, ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ව­ලින් වසර දෙකක කාල­යක් විනාශ වූ ගාසා තීරයේ මේ වන­විට ගොඩ ගැසී ඇති ටොන් මිලි­යන 68ක සුන්බුන් ඉවත් කිරීම පමණක් ඇස්ත­මේන්තු කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් හමාස් සංවි­ධා­නය නිරා­යුධ කිරීමේ කොන්දේ­සි­යක් සාම සැල­සු­මට ඇතු­ළත් කර ඇති බැවින් ගාසා සංව­ර්ධන සැල­සුම සාර්ථක වීම සැක සහිත බව අමෙ­රි­කානු යුද විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

World News

Send your contact Details Today