Latest News

ඉන්දුනීසියාව යළිත් යටවෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගත වූ සතිය ඇතු­ළත අධික වර්ෂා­ප­ත­න­යක් හට ගැනී­මෙන් ජාවා දූපත ඇතුළු ඉන්දු­නී­සි­යාවේ ප්‍රාන්ත 5කට ගංව­තුර තත්ත්ව­යක් උදා වූ බව එරට ආපදා සහන ඒජ­න්සිය තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසු­ගිය සති අන්තය වන විට ගංව­තුර හේතු­වෙන් එම ප්‍රාන්ත­වල නිවාස 563ක් සහ රජයේ ගොඩ­නැ­ඟිලි රැසක් ජල­යෙන් යට වූ බව ද ආපදා සහන ඒජ­න්සිය ප්‍රකාශ කර තිබේ.

බට­හිර ජාවා දූපතේ රෙන්ගස් ගංගාව පිටාර ගලා ගොස් ඇති අතර, ඒ අවට නිවාස 28ක් ජල­යෙන් යටවී ඇතැයි වාර්තා වේ.

පසු­ගි­යදා සුමාත්‍රා දුපතේ ප්‍රාන්ත 3කට බලපෑ මාරා­න්තික ගංව­තුර තත්ත්ව­යෙන් පසු සහන සේවා සැල­සීමේ මෙහෙ­යුම් සිදු කර­මින් සිටි එරට ආපදා සහන ඒජ­න්සිය ඉන්දු­නී­සි­යාවේ සෙසු ප්‍රාන්ත­ව­ලට බලපෑ ගංව­තුර හේතු­වෙන් දුෂ්ක­රතා රැස­කට මුහුණ පා සිටින බවත්, ආප­දා­වට පත්වූ­වන්ට සහන සැල­සීම සඳහා අති­රේක පිරිස් කැඳ­වී­මට පිය­වර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

World News

Send your contact Details Today