Latest News

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ වර්ධනයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යාම නිසා එම කාලය තුල 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා වන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15,776.36 ක් වන බවයි ඔහු සඳහන් කරන්නේ.

2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 ක් බව ඔහු පවසයි.

එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයක් බවයි සඳහන් කරන්නේ.

මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කරන බව පවසයි.

මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මෙලෙස ද ප්‍රකාශ කළේය.

“2025 ජනවාරි සිට නොවැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15,776.36 ක් වූ බවත්, එය වාර්ෂිකව ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරන බවයි.”

ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම,තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව ඔහු සඳහන් කළේය.

මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒ්කාබද්ධ වීමත්,වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරිමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි.

අප‌ගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී තිබේ.

2025 නොවැම්බර් මාසය අවසන් වන විට වාර්ෂික අපනයන ඉලක්කයෙන් 86.3% කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟා කර ගැනීම ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවේ ශක්තිය හා කැපවීම පිළිබඳ පැහැදිලි සංකේතයක් බව ද ඔහු අවධාරණය කළේය.

World News

Send your contact Details Today