මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු ජෙනරාල්වරයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රුසියාවේ විමර්ශන කමිටුව පැවසුවේ මෝටර් රථයක් යට අටවා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් සඳුදා උදෑසන ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මිය ගිය බවයි.
සන්නද්ධ හමුදා මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සර්වරොව් බව කමිටුව තවදුරටත් පැවසීය.
යුක්‍රේන බුද්ධි අංශවල සම්බන්ධය මෙම පිපිරිම සම්බන්ධව ඇති බවට රුසියාව විශ්වාස කරන අතර මේ සම්බන්ධව යුක්‍රේනය අදහස් දක්වා නොමැත.