Latest News

කාන්තා වන්ධ්‍යාකරණ සැත්කම් සඳහා දශක ගණනක් පැවති නීතියේ වෙනසක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මානව අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ වන්ධ්‍යාකරණය සම්බන්ධව දශක ගණනාවක් තිබූ නීතියක් වෙනස් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් වන්ධ්‍යාකරණ සිදු කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිල්ලට, කලත්‍රයාගේ අත්සන් යෙදීම අනිවාර්ය කරමින් තිබූ නීතිය අහෝසි කර ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මේ වසරේ ජූලි මාසයේදී චක්‍රලේඛයක් නිකුත් කරමින් කලත්‍රයාගේ කැමැත්ත ලබා ගැනීමට තිබූ නීතිය සංශෝධනය කරනු ලැබ තිබේ.

වන්ධ්‍යාකරණය සිදුකිරීම සම්බන්ධව පැවත එන නීතියට, 1983දී කරන ලද සංශෝධනයට අනුව වන්ධ්‍යාකරණ සැත්කම සිදුකිරීමට කැමැත්ත පළ කරන ප්‍රකාශයට කලත්‍රයාගේ අත්සන යොදා කැමැත්ත ලබා දීම අනිවාර්ය කර තිබිණි.

එමෙන් ම මීට පෙරත් විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත කාන්තාවගේ කැමැත්ත සහිතව වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළ බව ද රාගම ශික්ෂණ රෝහලේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ සැත්කමට ලක් කරන පුද්ගලයා කුඩා දරුවකු හෝ මානසික කැමැත්ත දීමට නොහැකි අයෙකු නොවන්නේ නම් සැත්කමට භාජනය වන පුද්ගලයාගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් බවයි.

World News

Send your contact Details Today