මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8ක් සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් රතු නිවේදන ක්‍රියාත්මකයි.
පවතින වැසි තත්ත්වය හමුවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග මහවැලි ගගේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතියි.
නාච්චාදූව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘතව පවතියි.
තප්පරයට ඝන අඩි 2200ක ජල ධාරිතාවක් මල්වතු ඔයට මුදා හැරෙන බැවින් පහත්බිම්වල සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කෙරෙයි.
මාදුරුඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග මඩකලපුව කිරාන් පුලිපායියන්දගල් වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීමත් සමග ගමනාගමනය අඩාලව පවතියි.
මේ හේතුවෙන් කිරාන්, පොන්ටුකල්සෙනෙයි , කොරාචේලි, මිනුමිනුද්දවේලි ඇතුලු ගම්මාන රැසක පවුල් 5,000ක් පීඩාවට පත්ව සිටියි.
මඩකලපුව දිසාපති ජේ එස් අරුල් රාජ් මහතා පැවසුවේ ගමනාගමන පහසුකම් සඳහා නොමිලේ බෝට්ටු සේවා යොදවා ඇති බවයි.