Latest News

ශ්‍රීලංකන් ගුවන් සේවය තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක පර්යන්ත 1 හි මෙහෙයුම් ආරම්භ කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මාලේ හි වේලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පර්යන්ත 1 වෙත සිය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මාලදිවයින ගුවන් තොටුපළ සමාගම (MACL) විසින් 1 වන පර්යන්තය වෙත පැමිණි UL101 ගුවන් යානයේ මගීන් සහ එම පර්යන්තයෙන් පිටත්ව ගිය UL102 ගුවන් යානයේ මගීන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු මොහොමඩ් රිස්වි හසන් මහතා සහ මාලදිවයින ගුවන් තොටුපළ සමාගමේ සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today