Latest News

තායිවානයේ දුම්රිය ස්ථානයක පිහි ඇනුමක් සහ දුම් බෝම්බ ප්‍රහාරයක් – දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානයේ, තායිපේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් හා දුම් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

කිසියම් පුද්ගලයෙකු විසින් තායිවානයේ කාර්බහුලම දුම්රිය මධ්‍යස්ථානය වන තායිපේ මෙට්‍රෝ ප්‍රධාන දුම්රිය ස්ථානයේ දීයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

27 හැවිරිදි චැං නම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට හදුනාගෙන තිබේ.

පොලිස් ප්‍රහාර හමුවේ ප්‍රහාරකයා වහලයකින් ඇද වැටී මිය ගොස් තිබේ.

තායිවාන නායක විලියම් ලාලි චිං ටේ සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today