ශ්‍රී ලංකාවේ පැවති වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර කියා සිටියේ මහවැලි ගග, මනම්පිටිය ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මට්ටමක පවතින බවයි.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඒ අනුව, එම මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටසේ මාර්ගය හරහා ජලය ගලා යාම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස ඊයේ (19) රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය සීමා කිරීමටයි පොලොන්නරුව පොලිසිය පියවර ගෙන ඇත්තේ.
මාර්ගය හරහා ජලය ගලා යාම නිසා කුඩා වාහන ධාවනය අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බවයි පොලොන්නරුව පොලිසිය පවසන්නේ.