Latest News

“දිට්වා” නිසා ශ්‍රී ලංකාවට ලැබුණු IMF මුල්‍ය සහනය මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය හමුවේ මතුව ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 206ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) එකඟතාව පළ කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරවයි මෙම හදිසි මූල්‍ය සහාය ලබා දෙනු ලබන්නේ.

රජය විසින් මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 200ක සහනයක් ඉල්ලා තිබූ අතර, ඊයේ (19) රැස් වූ විධායක මණ්ඩලය විසින් ඩොලර් මිලියන 206ක මුදලක් අනුමත කර තිබේ.

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ 5 වන සමාලෝචනය සඳහා අනුමැතිය ලබා දීමට විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් 15 වනදා රැස්වීමටයි නියමිතව තිබුණේ.‍

අදාළ සමාලෝචන ක්‍රියාවලිය සහ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩායමක් ලබන වසරේ මුල්භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

World News

Send your contact Details Today