Latest News

නව වසර උදාවේදී ලොස් ඇන්ජලිස් නුවරට වෙන්න යන අසුභ දෙයක් ගැන හෝඩුවාවක්

Published 24 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉලක්ක කරමින් නව වසර උදාවේදී බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන අන්තවාදී සංවිධානයක සාමාජිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි විමර්ශන නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එෆ්බීඅයි විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරු මත එම ප්‍රහාරය අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් පලස්තීන හිතවාදී සංවිධානයක සාමාජිකයන් බවද වැඩිදුරටත් වාර්තා වේ.

නව වසර උදාවෙද්දී ලොස් ඇන්ජලීස් නගරයේ ස්ථාන 5ක බෝම්බ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ.

එම සැකකරුවන් අත්අඩංගුවට පත් වී ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ලූසර්න් ප්‍රදේශයේදී ප්‍රහාරයට යොදා ගැනීමට නියමිතව තිබූ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමට සුදානම් වෙමින් සිටියදී බවත්, ප්‍රහාරය සැලසුම් කළ තවත් සැකකරුවකු නිව් ඕලන්ස් ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ බවත් එෆ්බීඅයි සංවිධානය ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today