Latest News

අයහපත් කාලගුණය හේතුවෙන් UAE ගුවන් ගමන් රැසක් නවතී

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අයහපත් කාලගුණය හේතුවෙන් එරට ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී ඇත.

අද (19) දිනයේ ද රටේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගිගුරුම් සහිත වැසි ඇද හැලෙමින් පවතින බැවින් ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙස ද ඔවුහු වැඩිදුරටත් පවසති.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය ගුවන් ගමන්වලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර එමිරේට්ස් සහ ෆ්ලයි ඩුබායි වැනි ප්‍රධාන ගුවන් සමාගම් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබේ.

එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත්තේ ඩුබායි සිට ටෙහෙරාන්, දම්මාම්, බස්රා, මස්කට්, කුවේට්, බහරේන්, සීෂෙල්ස්, මාලේ, කොළඹ, පෙෂාවර්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ඉන්චියොන් දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් කිහිපයක් අද දින අවලංගු කළ බවයි.

මගීන්ට තම ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමටත්, සම්බන්ධ කරගත හැකි තොරතුරු යාවත්කාලීනව තබා ගැනීමටත් එම සමාගම ඉල්ලා සිටී.

එයාර් ඇරේබියා ගුවන් සමාගම ද අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස මගීන්ට දැනුම් දී ඇත.

World News

Send your contact Details Today