Latest News

ඔස්කාර් සම්මාන උළෙලට වෙනසක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දශක ගණනාවක් පුරා රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය වූ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල, 2029 වසරේ සිට සම්ප්‍රදායික රූපවාහිනී විකාශනයෙන් ඉවත් වී YouTube හරහා පමණක් විකාශනය කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇකඩමි ආයතනය සහ Google සමාගමට අයත් YouTube ආයතනය අතර ඇති වූ නව ගිවිසුම් ගතවීම මීට හේතුවයි.

ඒ සමඟ 1976 වසරේ සිට අඛණ්ඩව ඔස්කාර් උළෙල විකාශනය කළ ABC නාලිකාව සමග ඇති ගිවිසුම 2028 වසරේ අවසන් වනු ඇති.

ඒ අනුව 2029 වසරේ පැවැත්වෙන 101 වන ඔස්කාර් උළෙලේ සිට 2033 වසර දක්වා ලොව පුරා සිටින බිලියන 2කට අධික YouTube පරිශීලකයින්ට මෙම සම්මාන උළෙල නොමිලේ සහ සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවෙයි.

World News

Send your contact Details Today