Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි – වැඩිම වර්ෂාපතනය මහනුවරට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (19) උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ, අනුව එම ප්‍රදේශයට මිලි මීටර් 201.40ක වර්ෂාපතනයක් ගතවූ පැය 24 තුළ පතිත වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

දෙවැනියට වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ පොත්තපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බව සඳහන් කළ එම මධ්‍යස්ථානය, එම අගය මිලි මීටර් 155ක් බවයි පැවසුවේ.

මේ අතර දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, නාච්චදූව, රාජාංගනය, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ සහ අම්පාර දිස්ත්‍රිකයේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු ද විවෘත කර තිබේ.

මේ අතර බදුල්ල, කෑගල්ල, කිලිනොච්චිය, අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් මේ වනවිටත් අවහිර වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

World News

Send your contact Details Today