Latest News

නොබෙල් සාම ත්‍යාගය දිනු කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ “ජුලියන් අසාන්ජ්” විසින්, නොබෙල් කමිටුවට එරෙහිව, ස්වීඩන බලධාරීන් හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ 2025 නොබෙල් සාම ත්‍යාගය, වෙනිසුවෙලාවේ විපක්ෂ නායිකා “මරියා මචාඩෝ” ට ලබාදීමට එරෙහිවය.

ඇයට හිමිවීමට නියමිත ඩොලර් මිලියනයක මූල්‍ය ත්‍යාගය ලබාදීම අත්හිටුවන ලෙස අදාළ පැමිණිල්ලේ දැක්වේ.

ජුලියන් අසාන්ජ් පෙන්වා දෙන්නේ වෙනිසුවෙලාවට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භ කර ඇති මෙහෙයුමට, විපක්ෂ නායිකා “මරියා මචාඩෝ” ප්‍රසිද්ධියේම සහයෝගය පළ කර ඇති බවය.

මීට වසර 120කට පමණ පෙර නොබෙල් කමිටුව ආරම්භ කිරීමට පුරෝගාමී වූ, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් ජුලියන් අසාන්ජ් සඳහන් කළේ සාම ත්‍යාගය ප්‍රදානය කළ යුත්තේ “ජාතීන් අතර සහෝදරත්වය ඇතිකිරීමට කැපවූ සහ මිනිස් වර්ගයාට ප්‍රතිලාභ අත්කරදුන් පුද්ගලයින්”ට පමණක් බවය.

කෙසේ නමුත් වෙනිසුවෙලානු විපක්ෂ නායිකාව ප්‍රසිද්ධියේම ඇගේ රටට එරෙහි අමෙරිකාවේ මිලිටරි ක්‍රියාමර්ග අනුමත කිරීම නොබෙල් කමිටුවේ ප්‍රතිපත්ති සහ මූලධර්ම වලට එරෙහිවන බවත් ජුලියන් අසාන්ජ් පවසයි.

පසුගියදා ස්වීඩනයේ ඔස්ලෝ නුවරදී 58 හැවිරිදි, “මරියා මචාඩෝ” වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිළිගත්තේ ඇගේ දියණියයි.

වෙනිසුවෙලානු රජය තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව පවසමින්, “මරියා මචාඩෝ” මාස ගණනක් සැඟව සිටි අතර, නොබෙල් සාම ත්‍යාග ප්‍රධාන උත්සවයට පැය කිහිපයකට පසු ඇයත් බෝට්ටුවක සැඟවී වෙනිසුවෙලාවේ සිට ඔස්ලෝ නුවරට පැමිණ තිබුණි.

ඇයට එරෙහිව පැමිණිලි කර ඇති ජුලියන් අසාන්ජ් අමෙරිකානු ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට සහ හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත බ්‍රිතාන්‍යයේ වසර පහක් පමණ සිරගතව සිටි අතර පසුගිය වසරේ ජූනි මාසයේදී ඔහුට නිදහස් වී යලි සිය මව් රට වන ඕස්ට්‍රේලියාව බලා යාමට හැකිවුණි.

World News

Send your contact Details Today