Latest News

මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

Published 14 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින වැසි හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වාන් දැමීම ආරම්භ වි ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවයි එම අධිකාරිය පවසන්නේ.

ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජල ධාරිතාව හා බදුළු ඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතුවන බැවින් මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් සහ විමසිලිමත්ව සිටිය යුතු බවද මහවැලි අධිකාරිය සදහන් කළේය.

මේ අතර කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව සහ කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බැවින් පෝෂිත ප්‍රදේශවලට ඇති වන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව ඉදිරියේදී එම ජලාශද වාන් දැමිය හැකි බවත් මාදුරුඔය ජලාශයද උපරිම ජලමට්ටමේ පවතින බවත් මහවැලි අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර සෝමාවතී පුදබිමට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

World News

Send your contact Details Today