Latest News

ඕස්ට්‍රේලියානුවෙකුට තම ජීවිත කාලය තුළ සිටින ලිංගික සහකරුවන් ගණන ගැන නවතම අනාවරණයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවෙකුට තම ජීවිත කාලය තුළ ලිංගික සහකරුවන් 10 දෙනෙකු වඩා සිටින බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ලිංගික ක්‍රියාකාරකම් ලොව පුරා සැලකිය යුතු ලෙස වෙනස් වන අතර එය සංස්කෘතික, සමාජීය සහ නීතිමය සාධක මත බලපානු ලබයි.

වැඩිපුරම ලිංගික සහකරුවන් සිටින රටවල් පිළිබඳව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ලෝකයේ වයස අවුරුදු 25 ත් 44 ත් අතර ඕස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් ජීවිත කාලය පුරාම ලිංගික සහකරුවන් 13 ක් පමණ සිටින බවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පෘථිවියේ දෙවන වඩාත්ම ලිංගිකත්වයට නැඹුරුම රට ලෙස සැලකෙයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව පරාජය කරමින් තුර්කි පුරවැසියෙකුට ලිංගික සහකරුවන් 14 ක් සිටින බවට හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 8% ක් බොහෝ දිනවල ලිංගිකව හැසිරෙන අතර 19% ක් සතියකට වරක් පමණක් ලිංගිකව හැසිරෙන බවද සමීක්ෂණයෙන් හෙළි විය.

මේ අතර ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල ගණිකා වෘත්තිය සහ විවාහයට පෙර ලිංගිකත්වය පිළිබඳ දක්වන්නේ ඉහළ පිළිගැනීමක්.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියකු ලෙස සලකන නීත්‍යානුකළ වයස් සීමාවන් ප්‍රාන්ත සහ ප්‍රදේශ මත වෙනස් වේ.

ඒ අනුව බොහෝ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ප්‍රදේශවල කැමැත්ත ප්‍රකාශ කිරීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 16 ක් වන අතර ටස්මේනියාවේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 17 ක් විය යුතුයි.

ඊට අඩු වයස් සීමාවක පසුවන්නෙකු සමග ලිංගිකව හැසිරුන හොත් එය ළමා ලිංගික අපයෝජනයක් ලෙස සැලකෙයි.

World News

Send your contact Details Today