Latest News

ඉංග්‍රීසි භාෂා ගැටලුවක් නිසා නවසීලන්තයේ පොදු ප්‍රවාහන සේවයේ අර්බුදයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංක්‍රමණික බස් රියදුරන් සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා අඩු කිරීමට කළ ඉල්ලීම්, නවසීලන්ත ආගමන අමාත්‍යවරිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව වත්මන් ඉංග්‍රීසි ප්‍රමිතිය වෙනස් කිරීමට රජයට සැලසුමක් නොමැති බවයි ආගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් පවසන්නේ.

බස් රියදුරු ශ්‍රම බලකායෙන් 20%ක් පමණ තාවකාලික වීසා මත සිටින බව වාර්තා වේ.

එම වීසා බොහොමයක් 2026 දී කල් ඉකුත් වීමට නියමිත බව සඳහන්.

කෙසේවෙතත් ඉංග්‍රීසි සඳහා ඉහළ ලකුණු අවශ්‍ය බව බඳවා ගැනීමේදී පැහැදිලි නොකළ බව රියදුරන් පවසයි.

මෙය නවසීලන්තය පුරා බස් සේවා අස්ථාවර කිරීමට හේතු විය හැකි බවයි කර්මාන්ත සංගම් අනතුරු අඟවන්නේ.

නවසීලන්ත විපක්ෂය රජයට චෝදනා කරන්නේ අවශ්‍ය වේලාවේ රියදුරන් ගෙන පසුව දැඩි ප්‍රමිතීන් යෙදවූ බවයි.

මේ අතර බස් රියදුරන්ගේ සංගමය ඉංග්‍රීසි ලකුණු අවශ්‍යතාවය 5.5 දක්වා අඩු කරන ලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම පළාත් පාලන ආයතනද සේවා අවලංගු වීමේ අවදානම ගැන අනතුරු අඟවා තිබේ.

භාෂා පරීක්ෂණ වියදම් ඉතා ඉහළ බව රියදුරන් කිහිප දෙනෙකු පවසයි.

කෙසේ වෙතත්, දේශීය බඳවා ගැනීම්වලට ප්‍රමුඛත්වය දිය යුතු බවයි අමාත්‍යවරිය පවසන්නේ.

මෙම තීරණය හේතුවෙන් නවසීලන්ත පොදු ප්‍රවාහන අනාගතය පිළිබඳ දැඩි ගැටලුවක් මතුවී ඇති බව බොහෝ විචාරකයින් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today