Latest News

චීනයේ නිදහස් වෙළඳ වරායට ඇතුළු වන සහ පිටවන භාණ්ඩ සඳහා විශේෂ රේගු මෙහෙයුමක්

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක් අද (18) නිල වශයෙන් ආරම්භ විය.

ඒ අනුව නිදහස් වෙළඳ වරායට ඇතුළු වන සහ පිටවන භාණ්ඩ සඳහා රේගු ප්‍රකාශන සේවා ලබා ගැනීම සිදු කෙරෙයි.

විදේශ වෙළඳාමට විවෘත වන රේගු වරායන් 8ක් සහ දේශීය වෙළඳාමට විවෘත වන රේගු වරායන් 10ක් මෙහිදී ක්‍රියාත්මකයි.

මෙය ක්‍රියාවට නැංවීමත් සමග Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය සඳහා “ශුන්‍ය-තීරුබදු” ලැයිස්තුව භාණ්ඩ 1,900 අධික ප්‍රමාණයක සිට 6,600කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා පුළුල් කර ඇති බව වාර්තා වේ.

ඒ සමගම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළඳ ප්‍රවර්ධනය සඳහා විදේශ ආයෝජන සඳහා තවත් ලිහිල් වෙළඳපොළ ප්‍රවේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙයි.

මෙය චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පුළුල් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බවයි බොහෝ විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today