අසාත්මිකතා ඇති පුද්ගලයන් ‘ඩුබායි ස්ටයිල් චොක්ලට්’ නිෂ්පාදන ආහාරයට නොගත යුතු බවට වන අනතුරු ඇඟවීමක්, එංගලන්තයේ ආහාර ප්‍රමිතිකරණ ඒජන්සිය විසින් නිකුත් කර තිබේ.
එම ඒජන්සිය විසින් සොයාගෙන ඇත්තේ මෙම ‘ඩුබායි ස්ටයිල් චොක්ලට්’ නිෂ්පාදන කිහිපයක් නිසි ආහාර සුරක්ෂිතතා සහ ලේබල් කිරීමේ ප්‍රමිතීන් සපුරාලන්නේ නැති බවයි.
ලේබලයේ ප්‍රකාශ නොකරන අසාත්මිකතාකාරක වන රටකජු සහ තල මෙම නිෂ්පාදනවල අඩංගු විය හැකි බවට අදාල ඒජන්සිය සොයාගෙන තිබේ
අසාත්මිකතා ඇති අයෙකුට මෙය අනතුරුදායක විය හැකි බවයි එම ඒජන්සිය සඳහන් කරන්නේ.
මෙම උපදේශය රටකජු සහ තල ආසාත්මිකතා සඳහා පමණක් නොව, සියලුම අසාත්මිකතා සඳහා අදාල බව එම ඒජන්සිය දැනුම් දෙයි.
නත්තල ළඟ එන බැවින්, විකිණීමට ඇති සමහර නිෂ්පාදන එංගලන්තයේ දැඩි ප්‍රමිතීන්ට අනුකූල නොවන අවදානමක් පවතින බව එරට ආහාර ප්‍රමිතිකරණ ඒජන්සිය පවසයි.
එම ඒජන්සිය විසින් දැනටමත් වෙළඳාමට තබා ඇති නිෂ්පාදනවල සාම්පල දත්ත සමාලෝචනය කරමින් සිටින අතර, සම්පූර්ණ ප්‍රතිඵල ලැබෙන තුරු, අසාත්මිකතා ඇති පාරිභෝගිකයින්ට පූර්වාරක්ෂාවක් ලෙස මෙම චොක්ලට් වලින් වැළකී සිටීමට උපදෙස් දෙයි.
යම් අයකු අසාත්මිකතා සහිත කෙනෙකුට තෑග්ගක් මිලදී ගන්නේ නම්, මෙම නිෂ්පාදන මිලදී ගැනීමෙන් වළකින ලෙස වැඩිදුරටත් එංගලන්තයේ ආහාර ප්‍රමිතිකරණ ඒජන්සිය උපදෙස් දී සිටියි.