අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හමුදා සේවා සාමාජිකයින් වෙත නත්තලට පෙර ‘රණශූර ලාභාංශයක්’ ගෙවන බව ප්‍රකාශයට පත් කර තිබේ.
අමෙරිකානු ඩොලර් 1,776 ක මුදලක් බැගින් එරට හමුදා සාමාජිකයින් මිලියන 1.45 කට මෙම මුදල ගෙවීමට නියමිතයි.
මෙම ගෙවීම්වලට අදාළ චෙක්පත් දැනටමත් යවමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.
එය ගෙවීම සඳහා අමෙරිකානු රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.57 ක් වෙන් කර තිබෙන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
අමෙරිකාව 1776 දී පිහිටුවීමට ගෞරවයක් ලෙස මෙම දීමනාව බෙදා හරින බව ජනාධිපතිවරයා පවසා තිබුණි.
අදාල මුදල් ඔහුගේ තීරුබදුවලින් මෙන්ම ඔහු ජූලි 4 වන දින අත්සන් කරන ලද ‘One Big, Beautiful Bill’ වැඩපිළිවෙළ යටතේ ලබා ගත් බව ට්‍රම්ප් පැහැදිලි කරයි.
මේ බව ට්‍රම්ප් නිවේදනය කළේ ඊයේ රාත්‍රියේ ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතමින් රූපවාහිනිය ඔස්සේ කළ විනාඩි 18 ක කතාව තුළ සිය ආර්ථික වාර්තාව ඉදිරිපත් කරමින්.