Latest News

BYD වාහන ස්වයං-රිය පැදවීමේ තාක්ෂණයට අතගසයි

Published 13 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කෙටි කලකින් ලෝක වෙළෙඳපොලේ ජනප්‍රියතම විද්‍යුත් වාහන සන්නාමය බවට පත්වූ BYD වෙතින් තුන්වැනි මට්ටමේ (L3) ස්වයංක්‍රීය රිය පැදවීමේ පද්ධති සහිත මෝටර් රථ නිෂ්පාදනයට යොමු වී තිබේ.

චීන රජය මෙම තාක්ෂණය නියාමනය ඉවත්කිරීමට පියවර ගැනීමෙන් පසුව එම සමාගම මෙම තීරණයට එළඹුණු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

BYD සමාගම, ඔවුන්ගේ මූලස්ථානය පිහිටා ඇති ෂෙන්සෙන්හි බලධාරීන් සමඟ එක්ව මහා පරිමාණ නිෂ්පාදනයට පෙර සමහර මෝටර් රථ පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

BYD තහවුරු කළේ ඔවුන් සැබැවින්ම L3 පරීක්ෂණවල කිලෝමීටර් 150,000 කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් සම්පූර්ණ කර ඇති බවයි.

කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) විසින් L3 තාක්ෂණය සහිත වාහන තැනීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයන් දෙදෙනෙකුට මුලින්ම බලපත්‍ර ලබා දීමෙන් දින දෙකකට පසුව BYD හි මෙම පුවත වාර්තා වෙයි.

L3 තාක්ෂණය අත් භාවිතයෙන් තොර (hands-off) ස්වයං-රිය පැදවීමක් ලෙසයි සැලකෙන්නේ.

L3 මඟින් මෝටර් රථවලට තනිවම ගමන් කිරීමට ඉඩ සලසන නමුත්, කිසියම් තත්වයක් යටතේ මැදිහත් වීමට හැකි වන පරිදි රියදුරන් සම්පූර්ණ අවධානයෙන් සිටීම අවශ්‍ය බව ද පැවසෙනවා.

ඊට වෙනස්ව, L5, හෙවත් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය රිය පැදවීම යනු කිසිදු තත්වයක් යටතේ මානව මැදිහත්වීමක් අවශ්‍ය නොවන වාහනයක්.

දැනට, මෙම තාක්ෂණය භාවිත කරන මෝටර් රථවල භාවිතා වන බොහෝ රියදුරු සහාය පද්ධති L2 හෝ L2+ ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

එහිදී රියදුරන් සෑම විටම රෝදය මත තම අත් තබා ගත යුතුයි.

MIIT විසින් පසුගිය සඳුදා Changan Automobile සහ BAIC සමාගම්වලට ඔවුන්ගේ පළමු L3 මෝටර් රථ තැනීමට අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත්, මෙම මෝටර් රථ නම් කරන ලද ප්‍රදේශවල නාගරික වීදිවල සහ මහාමාර්ගවල පමණක් ධාවනය කිරීමට අවසර දෙන බව සඳහන්.

BYD, 2025 වසර ආරම්භයේදී, මූලික ස්වයං-රිය පැදවීමේ තාක්ෂණයන් මත පදනම්ව චීනයේ විකුණුම් ඉහළ නැංවීමට බලාපොරොත්තු වනවා.

ඔවුන් ඇමරිකානු ඩොලර් 14,200 වඩා අඩු මිලකට මූලික ADAS (උසස් රියදුරු සහාය පද්ධති) සහිත මෝටර් රථ තැනීමට සැලසුම් කළා.

මෙම L3 අනුමැතියෙන් පසු වෙළඳපොළේ ස්වයං-රිය පැදවීමේ ක්ෂේත්‍රයේ දැඩි තරගයක් ඇති වීමට ඉඩ ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today