Latest News

නව නීතියක් ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

Published 14 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යුදෙව් සැමරුම් උත්සවයක් ඉලක්ක කරගනිමින් පසුගිය ඉරිදා බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු වෛරී ප්‍රකාශ මර්දනය කිරීමට තම රජය කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි.

මෙම සිද්ධියේ දී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු මිය ගියේය.

නව නීති “වෛරය, බෙදීම සහ රැඩිකල්කරණය පතුරුවන අය” ඉලක්ක කර ගනු ඇතැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සදහන් කර තිබේ.

වෛරය පතුරුවන අයට වීසා අවලංගු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට නව බලතල ලබා දෙන අතර “යුදෙව් විරෝධීවාදය වැළැක්වීම, මැඩපැවැත්වීම සහ නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම” සහතික කිරීම සඳහා නව කාර්ය සාධක බලකායක් පිහිටුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

“සෑම යුදෙව් ඕස්ට්‍රේලියානුවෙකුටම අපගේ ශ්‍රේෂ්ඨ ජාතියට ඔවුන් කරන දායකත්වය සඳහා ආරක්ෂිත, වටිනා සහ ගෞරවයක් දැනීමට අයිතියක් ඇත” ලෙස ද ඇල්බනීස් සදහන් කර තිබේ.

World News

Send your contact Details Today