Latest News

බ්‍රිතාන්‍ය වැඩිහිටියන්ගේ අන්තර්ජාල භාවිතය ගැන සමීක්ෂණයකින් අනාවරණය වූ දේ

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතා­නයේ වැඩි­හිටි ප්‍රජාව මේ වන විට අන්ත­ර්ජා­ලයේ සැරිසරන කාල­සී­මාව කොවිඩ් වසං­ගත කාල­යට වඩා වැඩි බව එරට සිදු කළ සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි වී තිබේ.

අන්ත­ර්ජාල ජාතික වාර්තාව ලෙස නිකුත් වී ඇති එම සමී­ක්ෂණ වාර්තා­වට අනුව බ්‍රිතාන්‍ය වැඩි­හිටි පර­පුර මේ වස­රේදී දින­කට පැය හත­ර­කුත්, මිනිත්තු 30ක් අන්ත­ර්ජා­ලයේ සැරිසරන බවත්, එය කොවිඩ් වසං­ගත කාලයේ වැය කළ කාල­යට වඩා මිනිත්තු 31ක වැඩි­වී­මක් බවත් එම වාර්තා­වෙන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

මනෝ විද්‍යාඥ ආචාර්ය ඇරික් සිග්මන් ප්‍රකාශ කර ඇත්තේ එය මාන­සික සෞඛ්‍ය­යට බල­පෑම් සිදු කරන ආකා­රය පිළි­බඳ සොයා බැලිය යුතු බවය.

වැඩි කාල­යක් අන්ත­ර්ජා­ලයේ රැඳී සිටීම අව­දා­නම් තත්ත්ව­යක් බවට ද අද­හස් පළ වූවද, අන්ත­ර්ජා­ලය යනු නිර්මා­ණ­ශීලී මූලා­ශ්‍ර­යක් ලෙස හඳුනා ගත් බව එරට බොහෝ වැඩි­හි­ටි­යන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ලෝකය පිළි­බඳ අව­බෝ­ධය පුළුල් කර­ගැ­නී­මට අන්ත­ර්ජා­ලය බෙහෙ­වින් උප­කාරි වන බව සමි­ක්ෂ­ණ­යට එක්වූ 75% කට ආසන්න වැඩි­හි­ටි­යන් පිරි­සක් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

World News

Send your contact Details Today