නැගෙනහිර මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි කයින් ප්‍රාන්තයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිරවී සිටින සිය පුරවැසියන් ඉවත් කරගන්නා ලෙස එරට හමුදා රජය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට මියන්මාර හමුදාව එම ප්‍රාන්තයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වැටලීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, සයිබර් අපරාධ සඳහා ජාවාරම්කරුවන් විසින් භාවිත කරනු ලැබූ විශාල ගොඩනැඟිලි පුපුරන ද්‍රව්‍ය සහ බුල්ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් බිඳ හෙළීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සයිබර් අපරාධ මධ්‍යස්ථාන වැටලීමේ මෙහෙයුමට නායකත්වය ලබා දෙන කර්නල් මින් තූ ක්යැව් ප්‍රකාශ කර ඇත්තේ එවැනි මධ්‍යස්ථානවල සිටින විවිධ රටවලට අයත් පුද්ගලයන් කළමනාකරණය කිරීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටින බවය.
සයිබර් අපරාධ මධ්‍යස්ථාවල සිර වී සිටි විදේශිකයන් විශාල පිරිසක් මේ වන විට හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් විවිධ රටවල පුරවැසියන් බවට හඳුනා ගෙන තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාව මියන්මාරයට පැමිණ සිය පුරවැසියන් නැවත රැගෙන යෑමට කටයුතු කළ යුතු බව එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අවුන් ක්යැව් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර තිබේ.
පසුගිය ජනවාරියේ සිට සයිබර් අපරාධ මධ්‍යස්ථාන වැටලීමේ මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා රටවල් 47කට අයත් 13,272 දෙනකු හමුදා බාරයට ගෙන ඇති අතර, ඉන් 1,655 දෙනකු තවමත් රඳවා සිටින බව වාර්තා වේ.