FBI හෙවත් අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩෑන් බොන්ගිනෝ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර තිබේ.
එළඹෙන ජනාවාරි මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි FBI නියෝජ්‍ය ප්‍රධානියා ප්‍රකාශයට පත් කර ඇත්තේ.
අරමුණක් ඇතිව සේවය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩිට සහ FBI අධ්‍යක්‍ෂවරයා වෙත සිය ස්තුතිය පළ කරන බවයි ඩෑන් බොන්ගිනෝ X සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් FBI නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත් කළ බොන්ගිනෝ ඊට පෙර නිව්යෝර්ක්හි පොලිස් නිලධාරියෙකු ලෙසත් එක්සත් ජනපද රහස් ඔත්තු සේවා නියෝජිතයෙකු ලෙසත් කටයුතු කළේය.
ඔහු මෑත වර්ෂවලදී පොට් කාස්ට් සහ අනෙකුත් මාධ්‍ය වැඩසටහන් හරහා විශාල අනුගාමිකයින් පිරිසක් ගොඩනගා ගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන බොන්ගිනෝ FBI නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත් කිරිම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී FBI නියෝජිතයන්ගේ සංගමය එම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කළේය.
ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බොන්ගිනෝ විශිෂ්ට කාර්යයක් කළ බවයි.