බ්‍රසීලයේ ප්‍රධාන නගර හරහා දස දහස් ගණනක් ජනතාව විරෝධතා පවත්වා තිබේ.
ඒ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝට හිමි සිර දඬුවම් කාලය අඩු කිරීමට යෝජිත පනත් කෙටුම්පතකට එරෙහිවයි.
මෙම පනත සම්මත වුවහොත්, ඔහුගේ සිර දඬුවම වසර දෙකයි මාස හතරක් දක්වා අඩු විය හැකි බවයි නීති සම්පාදකයන් පවසන්නේ.
බොල්සොනාරෝ 2022 මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් දැනට අවුරුදු 27 ක සිර දඬුවමක් විඳිමින් සිටියි.
කොන්සර්වේටිව්වරුන් බහුතරයක් සිටින පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් මෙම යෝජනාවට විශාල ලෙස ඡන්දය දී අනුමත කර ගැනුණි.
යෝජිත කෙටුම්පත මෙම සතියේ සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
රියෝ ද ජනෙයිරෝ, බ්‍රසීලියා සහ සැල්වදෝරය ඇතුළු නගරවල විරෝධතා පැවැත්විණි.
රියෝ ද ජනෙයිරෝ හි කොපකබානා වෙරළ තීරයේ 19,000 කට ආසන්න පිරිසක් රැස්ව සිටියහ.
සාවෝ පෝලෝ නගරයේ 13,700 ක් පමණ වීදිවල විරෝධතා පැවැත්වීය.
මෙම පනත සම්මත වුවහොත්, 2023 ජනවාරි මාසයේදී බ්‍රසීලියා හි රාජ්‍ය ගොඩනැගිලිවලට ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ වීම හේතුවෙන් සිරගත කර සිටින පුද්ගලයන්ගේ දඬුවම් ද කපා හැරීමට ඉඩ තිබේ.
2019 ජනවාරි සිට 2022 දෙසැම්බර් දක්වා බ්‍රසීලය පාලනය කළ බොල්සොනාරෝ හමුදා නායකයින්ට කුමන්ත්‍රණයක් යෝජනා කිරීම සහ ලූලා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන දැන සිටීම සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබුවේය.
මෙම පනත නීතියක් බවට පත්වීමට පෙර සෙනෙට් සභාවේ අනුමැතිය සහ ජනාධිපති ලූලාගේ අනුමැතිය අවශ්‍යයි.
ජනාධිපති ලූලා මෙම පනත නිෂේධ කිරීමට ඉඩ ඇතත්, එම නිෂේධ බලය කොංග්‍රසය විසින් අවලංගු කිරීමේ හැකියාවක් ද පවතියි.
මෙය බොල්සොනාරෝ විරෝධී විරෝධතාවක් පැවැත්වූ පළමු අවස්ථාව නොවෙන අතර මීට මාස තුනකට පෙර ද ඔහුට නිල වශයෙන් සමාව දීමට කරන ලද ඉල්ලීම්වලට එරෙහිව ද දස දහස් ගණනක් ජනතාව පෙළපාලි පැවැත්විණි.