අමෙරිකා ජනාධිපතිවරයා BBC පුවත් සේවයට එරෙහිව අපහාස නඩු පවරා තිබේ.
2021 වසරේ ජනවාරි මස 6 වන දින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර BBC පුවත් සේවය විකාශය කළ බවටයි චෝදනා එල්ල වන්නේ.
ඒ හේතුවෙන් BBC පුවත් සේවයට එරෙහිව ෆ්ලෝරීඩා අධිකරණයක අපහාස නඩු පවරා තිබේ.
තමාට සිදුකළ අපහාසයට අමෙරිකා ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලීමටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.
කෙසේ වුව ද පසුගිය නොවැම්බර් මාසයේ දී බීබීසී පුවත් සේවය ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටි අතර වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේ.