Latest News

සිරියාවේදී අමෙරිකානු සොල්දාදුවන් තිදෙනෙකුට දිවි අහිමිවෙයි

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවේදී අමෙරිකන් සොල්දාදුවන් තිදෙනකු මියයෑම සම්බන්ධයෙන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර ඇත.

එම සොල්දාදුවන්, සිරියානු සොල්දාදුවන් පිරිසක් ද සමඟ පල්මයිරා නුවර සෝදිසි මෙහෙයුමක නියැලී සිටියදී, වෙඩි ප්‍රහාරයකට ලක් වූ බව පැවැසෙයි.

වෙඩි ප්‍රහාරයෙන් සිරියානු සොල්දාදුවෝ දෙදෙනකු සහ භාෂා පරිවර්තකයකු ද ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය අවසන් වී, සිරියානු විපක්ෂය බලයට පත්වීමෙන් පසු අමෙරිකන් සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වුණු පළමු අවස්ථාව මෙයයි.

ප්‍රහාරය එල්ල කළේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන පුද්ගලයන් කණ්ඩායමක් බව සිරියානු රජය පැවැසීය.

අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් එම අවස්ථාවේදී කියා සිටියේ ඇමෙරිකන් සොල්දාදුවන්ට පහර දුන් කිසිවකුට කිසිදු සමාවක් නොදෙන බවය.

සිරියානු අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අමෙරිකන් සෙබළුන් ඝාතන සිද්ධියට අදාළව, සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවය.

World News

Send your contact Details Today