Latest News

චිලි රාජ්‍යයට නව ජනපතිවරයෙක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චිලී හි ජනාධිපති ධුරයට ඇන්ටෝනියෝ කැස්ට් තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1990 දී හමුදා ඒකාධිපතිත්වය අවසන් වීමෙන් පසු තියුණුම දක්ෂිණාංශික පාලන තන්ත්‍රයේ හුවමාරුවකින් පසුවයි කැස්ට් ජයග්‍රහණය කර තිබෙන්නේ.

පාලක රජයේ සහාය ලබන වාමාංශික අපේක්ෂිකා ජෙනට් ජාරා සමග පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී කැස්ට් 58% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රතිවාදී ජෙනට් ජාරා එහිදී 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය.

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන ජීවිතය පුරාම, කැස්ට් දැඩි දක්ෂිණාංශික මතධාරියෙකු ලෙසයි සැලකෙන්නේ.

දේශසීමා ඉදිකිරීම, ඉහළ අපරාධ සහිත ප්‍රදේශවලට හමුදාව යෙදවීම හා නීති විරෝධී ලෙස රට තුළ සිටින සියලුම සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඔහුගේ ජනාධිපතිවරණ යෝජනා වලට ඇතුළත්.

World News

Send your contact Details Today