මතභේදාත්මක දකුණු චීන මුහුදේ වෙරළ තීරයකදී චීන වෙරළාරක්ෂක නෞකා මගින් ජල ප්‍රහාර එල්ල කළ බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසයි.
ඔවුන් පැවසුවේ ඉන් ධීවරයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ධීවර යාත්‍රා දෙකකට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවයි.
පිලිපීන වෙරළාරක්ෂක බලකායට අනුව සබීනා ෂෝල් අසලදී පිලිපීන ධීවර බෝට්ටු රැසකට චීනය ජල ප්‍රහාර එල්ල කිරීමට අමතරව අවහිර කිරීමේ උපාමාරුවලින් බාධා එල්ල කර තිබේ.
අහිංසක ධීවරයින්ගේ ජීවිත අනතුරේ හෙළන නීතිය ක්‍රියාත්මක කිරීමේ මවාපෑම්වලට වඩා මුහුදේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙමින්, ජාත්‍යන්තරව පිළිගත් හැසිරීම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස පිලිපීන බලධාරීන් චීන වෙරළාරක්ෂක බලකායෙන් ඉල්ලා සිටියි.
කෙසේවෙතත් පිලිපීනයේ චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
චීනයේ වෙරළාරක්ෂක බලකාය පැවසුවේ තමන් පිලිපීන යාත්‍රා කිහිපයක් පලවා හැර පාලනය කිරීමට පියවර ගත් බවයි.