අන්තර්ජාල වේදිකාවල ඇති Short-form videos තරුණ මනසට හානි කළ හැකි බව නව පර්යේෂණ මඟින් අනතුරු අඟවා තිබේ.
ඒ අනුව TikTok, Instagram Reels සහ YouTube Shorts වැනි යෙදුම් වයස අවුරුදු 18ට අඩු මිලියන ගණනක් ආකර්ෂණය කර ගනිමින් ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂඥයින් පවසන්නේ එම යෙදුම් දරුවන් අනිවාර්යව ලෙස ආකර්ෂණය කරගනීමට නිර්මාණය කර ඇති බවයි.
මෙම Video අධික භාවිතය මඟින් නින්ද, අවධානය, මනෝභාවය සහ අධ්‍යාපනයටද බලපාන බවයි සඳහන් වන්නේ.
2023 අධ්‍යයන විශ්ලේෂණයකින් අධිකShort-form videos සහ අවධානය පාලනය අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන තිබේ.
විශේෂයෙන් රාත්‍රී කාලයේ ජංගම දුරකථන භාවිතය මගින් නින්දේ ගුණාත්මකභාවය අවම කරන බව පර්යේෂකයින් පවසයි.
කුඩා දරුවන්ට නුසුදුසු ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික අන්තර්ගතයන්ට යොමුවීමේ අවදානමද ඉතා ඉහළ බවයි පෙනී යන්නේ.
චිත්තවේගීය අස්ථාවරත්වය හෝ ADHD ඇති දරුවන් මෙම අනිවාර්ය ආකර්ෂණයට වැඩි ලෙස ගොදුරු විය හැකි බව සඳහන්.
විශේෂඥයින් අවධාරණය කරන්නේ ගැටලුව කාලය නොව භාවිත කරන රටාව බවයි.
දෙමව්පියන්ට දරුවන් සමඟ විවෘත සංවාද පැවැත්වීම වැදගත් වන අතර නිදන කාමරවලින් ජංගම දුරකථන වැනි උපාංග ඉවත් කිරීමද නිර්දේශ කරනු ලබයි.
නිසි මාර්ගෝපදේශ සහ සහයෝගය සමඟ දරුවන්ට ඩිජිටල් ලෝකය ආරක්ෂිතව භාවිතා කළ හැකි බව විශේෂඥයින් වැඩිදුරටත් පවසයි.