Latest News

රාජද්‍රෝහී පුද්ගලයෙකුව, චීන අධිකරණයක් විසින් වරදකරු කරයි

Published 8 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන අධිකරණයක් විසින් ජිමී ලායි වරදකරු ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවටයි.

හොංකොංහි ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ජිමී ලායි චීන අධිකරණයක ජාතික ආරක්ෂක නඩු විභාගයකදී විදේශීය කුමන්ත්‍රණය සහ රාජද්‍රෝහී ප්‍රකාශනය යන චෝදනා දෙකට වරදකරු කර තිබේ.

2019 වසරේ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පසුව චීනය විසින් හොංකොං මත පනවන ලද ජාතික ආරක්ෂක නීතිය යටතේ 78 හැවිරිදි ජිමී ලායි අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව නඩු පැවරුණි.

2020 වසරේ සිට ලායි සිරගතව සිටියි.

චීනයට එරෙහිව සම්බාධක පැනවීමට හෝ සතුරු ක්‍රියාකාරකම් සිදු කරන ලෙස පුවත්පත හරහා විදේශ රටවලින් ඉල්ලා සිටීමේ කුමන්ත්‍රණ දෙකක් පිටුපස ඔහු සිටින බවටයි චෝදනා එල්ල වුණේ.

ඇපල් ඩේලි පුවත්පත ද මේ වනවිට වසා දමා තිබේ.

World News

Send your contact Details Today